Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: මධුගේ පක්ෂ මාරුවක් නෑ

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

මධුගේ පක්ෂ මාරුවක් නෑ

rash

මම
දේශපාලනයට
ආවේ සපත්තු
පොලිෂ්
කරන්න නෙවෙයි

තමන් දේශපාලනය කිරීමට පැමිණියේ නායකයින්ට දොරවල් විවෘත කරදීමට හෝ නායකයින්ගේ සපත්තු පොලිෂ් කිරිමට නොවන බව ගායන ශිල්පි "මධුමාධව අරවින්ද" පවසා සිටියි. සදාචාරවත් නායකත්වයක් ස්ථාපිත කිරීමට හා තමන්ගේ ජනතාවට නායකත්වයක් සැපයීමට ඉදිරියේ දී ගම්පහ දිස්ත්‍රීක්කයෙන් බස්නාහිර පළාත් සභාවට තරග කරන බව ද ඔහු මාධ්‍ය හමුවක් හා එක් වූ අවස්තාවක දි පැවසිය.

කිසිදු අයුරකින් පොස්ටර් ව්‍යාපාර, රතිඤ්ඤා දැල්වීම්, මල්වෙඩි දර්ශන හෝ පමණක් නොව අන් අය කරන්නා සේ තමන් විසින් වියදම් කර මල්මාලා දමාගැනීමක් සිදු නොකරන බව හෙතෙම සඳහන් කළේය. තමන් නාගරික මන්ත්‍රී ධූරයෙන් ඉවත් වූයේ නාගරික මන්ත්‍රී ධූරයේ වරප්‍රසාදය හෝ අරගන්නේ නැතිව හිස් අතින් ජනතාව අතරට යාමටත්, එය තමන්ගේ දේශපාලන ගමනට අත්දැකීමක් කර ගන්නටත් බව ඔහු පෙන්වා දුන්නේ ය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී 'සරත් ෆොන්සේකාගේ' නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට සම්බන්ධ වන බවට පැතිර යන ආරංචිය සැබෑවක්දැයි දෙරණ කළ විමසීමක දී මධුමාධව පවසා සිටියේ එය අසත්‍යයක් බවයි. තමන් ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් තමාගේ ගම් පළාත වන ගම්පහින් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කරන බව එහි දි ඔහු අවධාරණය කර තිබුණි.

'මාටින් ලූතර් කිං' අනුගමනය කරමින් තමන් විසින්ම ජනතාව අතරට ගොස් මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය දියත් කරන බවත්, තමන්ගේ වාහනයේ නැඟී තමන්ම පදවාගෙන ගොස්,ඡන්දදායකයින් පුද්ගලිකව හමුවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බවද ඔහු සඳහන් කළේය.

එසේ නොමැතිව පවත්නා දේශපාලනයේ අතකොළුවක් වී දිරාපත්වීමට තමන්ගේ කිසිදු කැමැත්තක් නැති බවත්, පවත්නා ක්‍රමය තවදුරටත් ඉදිරියට පැවතුනහොත් තවත් වසර 20 ක් පමණ ගතවෙද් දී සියල්ල විනාශවනු ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya