Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: ඒ හැගීම ඇගට අමාරුයි - Gossip Lanka

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

ඒ හැගීම ඇගට අමාරුයි - Gossip Lanka

rash


ඒ හැඟීම ඇඟට අමාරුයිඅද අප හමුවන තරුව අංජුලා රාජපක්ෂ. බොහෝ රූපවාහිනී ප්‍රේක්ෂක පිරිසක් නරඹන “ඇන්ඩ් කොම්පැනි” ටෙලිනාට්‍යයේ පිළිගැනීමේ නිලධාරිනිය ලෙස රංගනයක යෙදෙන අංජුලා මේ දිනවල තවත් ටෙලිනාට්‍ය කීපයකින් ම අපට දැකගත හැකියි.
රංගන ක්ෂේත්‍රයේ කිසියම් ස්ථාවරත්වයක් ගොඩනඟාගෙන ඇති ඇය මේ දිනවල නිර්මාණය වන ටෙලිනාට්‍ය චිත්‍රපට කීපයකටමත් දායක වී සිටිනවා.
ඒ නිසා ඇය කාර්ය බහුලයි. අප අංජුලා සමඟ කතා කළේ ඇයගේ නවතම තොරතුරු විමසා බලන්නටයි.

අංජුලා මේ දවස්වල ඔබ මොනවගේ වැඩත් එක්කද ඉන්නේ?
ස්වර්ණවාහිනියෙන් විකාශය වන “අහස්ගව්ව”, “ඇන්ඩ් කොම්පැනි” හිරු නාළිකාවේ “සුදුයි - උසයි” දෙරණ නාළිකාවේ “ප‍ිපෙන මල්”, ජෝශප් ජෙරම්ගේ “එස්.අයි. විසල්” ටෙලිනාට්‍යවලත්, සිරස නාළිකාව වෙනුවෙන් සෆ්රාස් නිර්මාණය කරන අලුත්ම ටෙලිනාට්‍යයේත් රූපගතකිරීම්වලට සහභාගී වෙනවා. ඒ වගේම count down වැඩසටහන මෙහෙය වන්නත් දායක වනවා.
Anjula-Rajapaksha-photo-shoot-7“ඇන්ඩ් කොම්පැනි” ටෙලිනාට්‍යයේ ඔබ රඟපාන්නේ තරමක වෙනස් ආකාරයේ චරිතයක් නේද?
“ඇන්ඩ් කොම්පැනි” දේශපාලනාත්මක ප්‍රහසන ටෙලිනාට්‍යයක්. අපේ සමාජයේ බොහෝ දෙනෙකුට විවිධ නාළිකාවලින් විකාශය වන ටෙලිනාට්‍ය එකදිගට නරඹන්න ලැබෙන්නේ නෑ. ඒකට හේතුව සමාජයේ සෑම කෙනෙක් ම කාර්ය බහුලවීමයි. ඉඳහිට ටෙලිනාට්‍ය නරඹන බොහෝ දෙනෙක් නරඹන ටෙලිනාට්‍යයක් තමයි “ඇන්ඩ් කොම්පැනි”. ඒ ප්‍රේක්ෂක පිරිස අතරේ විවිධ වයස් මට්ටම්වල, විවිධ බුද්ධි මට්ටම්වල අය ඉන්නවා. ඉතින් “ඇන්ඩ් කොම්පැනි” ටෙලිනාට්‍යයේ රඟපෑම නිසා ඒ ප්‍රේක්ෂකයින් අතරට යාමේ අවස්ථාව ලැබිල තියෙනවා. ඒක ලොකු භාග්‍යයක්. මම මෙහි කරන්නේ පිළිගැනීමේ නිලධාරිනියගේ චරිතය. මගේ රංගනයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
රංගනයට ඇවිත් කලක් ගත වුනත් සිනමාව තුළ එතරම් ඉදිරියට යන්න ඔබට අවස්ථාවක් තවම ලැබුණේ නෑ නේද?
ඇත්තෙන්ම සිනමාව තුළ හොඳ රංගනයක් ඉදිරිපත් කරන්න තවම මට අවස්ථාව ලැබුණේ නෑ තමයි. හොඳ කලාත්මක සිනමා නිර්මාණයක හොඳ රංගනයක් ඉදිරිපත් කරන්න ආශාවෙන් ඉන්නවා. පසුගිය දවස්වල මම රංගනයෙන් දායක වුණු “වීරයා” චිත්‍රපටය මම කලකින් රඟපෑ හොඳ චිත්‍රපටයක්.
“වීරයා” චිත්‍රපටයේ ඔබගේ චරිතය කුමන අන්දමේ එකක් ද?
මම එම චිත්‍රපටයේ රඟපාන්නේ “කාමිණී” නමැති තරුණියගේ චරිතය. මේ චිත්‍රපටය මුඩුක්කු පරිසරය වටා ගෙතුණු කතාවක්. ඉතාම ලස්සන කතාවක්. වීරයාට උදව් කරන්නේ කාමිණී.
මේ කාලයේ රට පුරාම හැදෙන ටෙලිනාට්‍යවල හොඳ රංගනයක් ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනව කියල ඔබ හිතනවද?
මෙහෙමයි, මම ක්ෂේත්‍රයට ආව කාලෙ දැන් කා‍ලයේ තරම් ටෙලිනාට්‍ය හැදුණේ නෑ. ඒ වගේම ඒ කාලයේ දැන් හැදෙනව වගේ දීර්ඝ ටෙලිනාට්‍ය හැදුනෙත් නෑ. ඒ දවස්වල ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරු නළු නිළියන්ව හොඳින් හසුරුවලා නළු නිළියන්ගේ හැකියාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. ඒ නිසා නළු නිළියන්ට තම හැකියාවන් හොඳින් ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණා. නමුත් දැන් නළු නිළියන්ට එවැනි අවස්ථාවක් ලැබෙන්නේ නෑ. දැන් රංගනයට එන නළු නිළියන්ව හොඳින් මෙහෙය වන්නේ නෑ.
මට නම් මෙගාද, කෙටි ටෙලිනාට්‍යද කියල වෙනසක් නෑ. මම දීර්ඝ කාලයක් ක්ෂේත්‍රයේ රැඳිල ලබාගත්ත දැනුම අත්දැකීම් සහ අධ්‍යක්ෂවරුන්ගේ මඟ පෙන්වීමත් සමඟ හැමවිටම උත්සාහකරනව හොඳ රංගනයක් ඉදිරිපත් කරන්න. නමුත් අලුත් පරම්පරාවට හොඳ රංගනයක් ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබෙනවද කියන එක සැකයි. ඒ ටෙලිනාට්‍ය කියන මාධ්‍ය පුදුම විදියට වෙළෙඳ භාණ්ඩයක් වී ඇති නිසා. ඉතින් එවැනි ටෙලිනාට්‍යවල හොඳ රංගනයක් ඉදිරිපත් කරන්න අමාරුයි.
මේ කාලයේ වෘත්තීය ව‍ශයෙන් රංගනය තෝරාගන්න හැකියාව තියෙනවද?Anjula Rajapaksha 01
ඔව් රංගන ක්ෂේත්‍රයේ කිසියම් ස්ථාවරත්වයක් ගොඩනඟාගත් නළු නිළියන්ට වෘත්තීය වශයෙන් රංගනයේ ‍යෙදෙන්න හොඳ අවස්ථවාවක් දැන් තියෙනව. මම අද වෘත්තීය වශයෙන් රංගනය තෝරාගත් කෙනෙක්. මම මෙයින් තෘප්තිමත්.
ඔබට ගැමි චරිතයක් නිරූපණය කරන්න අවස්ථාවක් ලැබිල නැතිද?
මගේ බාහිර ස්වරූපය නිසා මට බොහෝ විට ලැබෙන්නේ නාගරික චරිත නිරූපණය කරන්න. නමුත් මීට කලකට පෙර ප්‍රවීණ අධ්‍යක්ෂ සුදත් රෝහණ මට කතා කළා ඉතාම ගැමි චරිතයක් නිරූපණය කරන්න. ඒ ඔහුගේ “ගිරි කුළය” චිත්‍රපටයේ. ඔහු මට ඒ ඇරයුම කළේ ඒ චරිතය නිරූපණය කරන්න මට පුළුවන් වේවි කියන විශ්වාසයෙන්. නමුත් මගේ අවාසනාවට ඒ අවස්ථාව මට මඟ හැරුණා. ඒ මොකද, මම ඒ වෙනකොට යොදාගෙන තිබුණු වෙනත් වැඩ නිසා. ඒ ගැන මට තාම කනගාටුයි.
නපුරු චරිත රඟපෑම පහසුද?
සාමාන්‍ය ජීවිතයේදී අපිට තරහ ගියොත්, නපුරු වුණොත් ඒක අපිට අමාරුයි නේද? රඟපෑමකදී බොරුවට කේන්ති ගියත් කේන්තිය කේන්තියමයි. ඒ හැඟීම ඇඟට අමාරුයි. ඒ නිසා නපුරු චරිත රඟපෑම පහසු දෙයක් නෙමෙයි.
ජීවිතයට වඩාත්ම සමීප කෙනා කවුද?
එහෙම විශේෂ පුද්ගලයෙක් නෑ. මේ දවස්වල මම වඩාත්ම සමීප වෙලා ඉන්නෙ ටෙලිනාට්‍ය එක්ක. ඒ මොකද හැමදාම ඉන්නෙ දර්ශන තලවල නිසා.
ගාමිණී සුසන්ත
ඡායාරූපය - ටෙනිසන්
උපුටා ගැනිම - රසදුන


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya