Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: කොටි සැකකරුවන් නිදහස් කරන්න වාස් ලක්ෂ ගණනින් කප්පම් අරන් - Gossip Lanka

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

කොටි සැකකරුවන් නිදහස් කරන්න වාස් ලක්ෂ ගණනින් කප්පම් අරන් - Gossip Lanka

rash

බස්නාහිර උතුර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධතා පැවැත්වූ කෝටිපති ද්‍රවිඩ ව්‍යාපාරිකයන් අත්අඩංගුවට නොගෙන සිටීමට ඔවුන්ගෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් කප්පම් ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රහස් පොලිසිය පරීක්‍ෂණ පවත්වන බවට අධිකරණයේදී කරුණු අනාවරණයවී ඇත. 
බම්බලපිටිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් නැමැත්තා පැහැරගෙන ගොස් මරාදැමීමේ සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් අධිකරණය
හමුවේ මෙම සිද්ධීන් පිළිබඳවද පරීක්‍ෂණ පවත්වන බවට කරුණු වාර්තා කොට තිබිණ.
බූස්ස කඳවුරේ රඳවා සිටි කොටි ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකොට ඇති වාස් ගුණවර්ධන මහතා එම විමර්ශන අතරතුරදී සිය මිතුරු ව්‍යාපාරික ද්‍රවිඩ ව්‍යාපාරිකයන්ගේ දුරකථන අංක ලබාගෙන තිබේ.
එකී දුරකථන අංකවලට ඇමතුම් ලබා දී ව්‍යාපාරිකයන්ට කතාකොට ඇති බවත්, ත්‍රස්තවාදීන් සමඟ සබඳතා පවත්වන බවට මොවුන්ට දැනුම් දී ඔවුන් බියකර පසුව ඔවුන් අත්අඩංගුවට නොගෙන සිටීමට යැයි පවසා අවස්ථා කිහිපයකදීම කප්පම් වශයෙන් මුදල් ලබාගෙන ඇති බවට අධිකරණයේ කරුණු අනාවරණය විය.
මෙම කරුණු අනාවරණය වී ඇත්තේ බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනනවිටත් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ සාක්‍ෂිවලදීය.
නාඳුනන ද්‍රවිඩ පුද්ගලයින්ගේ දුරකථන අංක ලබාගෙන ඇති නියෝජ්‍ය පොලිස්පතිවරයා ඔවුන්ගේ නම්වලින් කතාකොට එල්. ටී. ටී. ඊ. සංවිධානය සමඟ සබඳතා පවත්වන බවට තමාට කරුණු අනාවරණය වී ඇති බව පවසා අත්අඩංගුවට නොගෙන සිටීමට නම් කප්පම් මුදල් අවශ්‍ය බවට තර්ජනය කොට බියගන්වා කප්පම් මුදල් රැසක් ලබාගත් බවට එම සාක්‍ෂිවලදී කරුණු අනාවරණය වී ඇත.
මෙම කප්පම් ගැනීම් සිදුව ඇත්තේ කොටි සාමාජිකයින් බූස්ස කඳවුරේ රඳවා සිටීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයා පරීක්‍ෂණ පවත්වන අවධියේදීය.

*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya